Articles

ලොව පළමු සේයාරුව ගත් කවුළුවෙන් එබී බැලූවෙමි

ඡායාරූප ශිල්පයේ පියා ලෙස සැලකෙන ෆොක්ස් ටැල්බට් ඔහුගේ ප‍්‍රථම ඡයාරූප ගත් ලැකොක් ඇබේ හී (එනම් තාපසාරාමය* සුප‍්‍රසිද්ධ ජනේලය ළඟට ගොස් එහි ඡායාරූපයක් ගැනීමට අපට අවස්ථාවක් ලැබීම, මේ ලියවිල්ල කරන්නට හේතු කාරණා විය. ඡායාරූප ශිල්පයේ ආරම්භක යුගයට සිත යොමු කරමින් කැමරාව මවකට උපමා කළොත්, ඉන් බිහිවන ඡායාරූපය දරුවකුට උපමා වන විට, අප්පා කවුදැයි යන්න සියලූ ඥාති වර්ගයාගේ ක්ෂණික විමසීම වන්නේය. ඡායාරූප ශිල්පයේ ආරම්භක අවදියට මෙසේ ඔබේ සිත යොමු කරන්නේ, ඔබේ කුතුහලය සන්සිඳිය හැකි පැන් පොඩිත්තක් මා සතු බැවිනි. උගුර කට තෙමා ගැනීම පසෙක තබා පළමුවෙන් ඡායාරූප ශිල්පයේ…

Download [PDF]


සංස්කරණය කළ ඡායාරූපයක් වටිනාකමෙන් හීන වනවාද?

සංස්කරණය යනු  ඕනෑම කලාවකදී දැකිය හැකි වූ නිර්මාණයේ මූලික පියවරකි. නවකතාවක, කවියක, වේදිකා නාට්‍යක, සිනමාවක යථාව එලෙසින්ම දක්වන්නේ නැත. නිරූපණය කරන්නේ නැත. එය කළ නොහැකිය. ප‍්‍රතිනිර්මාණය ඇරඹෙන්නේ සංස්කරණයෙනි. නිර්මාණාත්මක ඡායාරූපයකදී ඡායාරූපය ගැනීමට පෙරද පසුවද, තම ප‍්‍රකාශයට අයිති දෑ, ශිල්පියා විසින් තමනට රිසි පරිදි සකස්කරනු ලැබේ. රසායනික ඡායාරූප යුගයේ දී පෙර පිරියම් මෙන්ම පසුපිරියම්ද, සංස්කරණයද, භාවිත කර තිබේ. නූතන ඡායාරූප ශිල්පියා, ඩිජිටල් ඡායාරූපකරණයේ දී පැරණි දුෂ්කර රසායනික ක‍්‍රමවේදයන් වෙනුවට, පරිගණකයද, නූතන මෘදුකාංගයන් ද භාවිත කරමින් පසු පිරියමද, සංස්කරණයද…

Download [PDF]


ආරියවංශ රණවීරගේ ‘බෙලි පල සුවඳ’ වැළඳගෙන සිපගත හැකි කවියක්

”ඔහු තම සිත් ගත් කවිය ලෙස තෝරා ගත්තේ ආරියවංශ රණවීර කවියාගේ ‘බෙලි පල සුවඳ’ කවියයි.” කැමතිම කවිය ගැන ලියන්නැයි ආරාධනයකි. ඉතාමත් අපහසු වූ, නැතිනම් කිසිදාක කරන්නට බැරි වූ, කැමතිම කවිය තේරීම මඟහැර කැමති කවිවලින් එකක් තෝරා ගතිමි. ආරියවංශ රණවීර කවියාගේ ‘බෙලි පල සුවඳ’ මා තෝරා ගත් කවියයි.” මහ ගෙදර පසෙකින් ඇති බෙලිගස් ගැන කෙරෙන පාදක චිත‍්‍රණයකින් කවිය ඇරඹේ. දැඩිව මුල් බැස ගත්, සවිබල වූ ඉපැරණි කඳක් ඇති, කොළ බූසියෙන් තොර අතු ඉති ගානේ පල දරන, බෙලි ගස් වර්ණ ගැන්වීමෙන් පෙනෙන්නේ ‘මහ ගෙදර’ නම් ගෘහයත් එහි සංස්කෘතියත්ය. දරුවා නිවසේ සිටියදී ද නගරයේ සිට පැමිණි පියෙක් ආපසු යද්දී ද හාත්පස සුවඳ ගන්වන්නේ එ් සංස්කෘතිය තුළ තාත්තාගේ ගුණ සුවඳම යැයි හැෙඟ්…

Download [PDF]


වනදිවි ගීතයේ ලලිත්ගේ පදමාලාව

ඩිජිටල් ඡායාරූපකරණයේ සම්ප‍්‍රාප්තියෙන් පසු ලෝක ඡායාරූපකරණය නොසිතූ විරූ යෝධ පිම්මක් පැන්නේය. ඡායාරූප ශිල්පීන් සියයට දහස් ගණනින් වර්ධනය විය. ඡායාරූප ශිල්පය සම්බන්ධයෙන් මෙම ප‍්‍රවණතාවයට ශ‍්‍රී ලංකාව හසුවී නොසිටින්නේ කෙසේද? ඩිජිටල් ඡායාරූපකරණයේ ආගමනය ශ‍්‍රී ලංකාවට දැනුණු පැහැදිලි ක්ෂේත‍්‍ර දෙකක් වන්නේ මංගල හා වනජීවී ඡායාරූපකරණයන්ය. මංගල ඡායාරූපකරණය හැරුණු කොට ලංකාවේ වඩාත් ප‍්‍රචලිත ඡායාරූප අංශය වන්නේ වන ජීවී ඡායාරූපකරණයයි. මංගල ඡායාරූපකරණය හා සසඳන විට, වනජීවී ඡායාරූපකරණය ආදායම් ලබන්නේ ඉතා මද වශයෙනි. එබැවින් වනජීවී ඡායාරූපකරණයට පිවිසෙන්නා වනයටද කැමරාවටද එකසේ ආදරය කරන්නෙකු බව පැහැදිලිය…

Download [PDF]