Poetry

ලාල් හෑගොඩ

තෝරාගත් කවි


පෙරදිග සිත්තරා

පෙරදිග සිත්තරා
කරනා රැවටිල්ලක හැටි
නොනිමවා මේ සිත්තම
නැවත නැවතත් එන්නට
යහපත් ද
තුරු ලියන් තුනු සිරුරු පිරිමැදුම
තෙලිතුඩෙන් ලා රැසේ…

 

මා මිනිසෙක් – ඔබ ගඟක් නිසා

සුන්දර ම බිම් කඩක
මේ නදී ඉවුරේ
කුඹුක් වියනක් යට සදා දාහය නිවනා
නවාතැන් ගන්නවා මොහොතකට ජීවිතේ
අතරින් පතර රතු කොළ උඩු වියනෙහි
දිගු ඇඟිලි තුඩින් පවනේ සෙලවී මෑත් වී
පෙන්වයි නිල් අහස මල්කමක් කැටයමක් සේ
එහි ම ඡායාව ජලයේ බිඳේ දහසක් කැබලි වී…

Download PDF